වෙසෙසින්ම තුති පුදමි.
මගෙ මිතුරු කැළෙ සිටින
Lalith Karunaratna
Anuruddha Weligamage
Susantha Deepal Gunasekara
Samanthi Ranamukage
එවන්නම් අකුරු කර
නුඹට තුති මල් මිටම ...............
හදවතින් කිසිදිනක
නොවෙනු ඇත අමතකම .........
රසායන විද්‍යාවේ
ගිලී තිබු මා මනස ....................
මදක් ඉන් මුදවන්න
කවිය නුඹ කළ මෙහෙය ..........
මා එයින් ලද සුවය
නොවෙනු ඇත අමතකම ........
අසීමිත නිදහසින්
අකුරු වැල් අමුණන්න ..............
ඔහුත් දරු තිදෙනාත්
සෙනේහය පෙරදැරිව
ලබාදුන් සැහැල්ලුව
නොවෙනු ඇත අමතකම .........
හදවතින් නිරතුරුව
ගලා ආ හැගුම් වැල් .................
හැඩ කවක් කරන්නට
මවෙත නුඹ ලබාදුන් ................
මුල්ම ගුරු උපදේශ
අරුත්බර ඔවදනුත්
නොවෙනු ඇත අමතකම .........
ලියූ ඒ කවි වදන්
හැඩම හැඩ කරන්නට ..............
ලෝකයට ඇහෙන්නට
සියල්ලට දකින්නට ...................
දුරු රටක නුඹෙන් ලද
මහමෙරක් වූ සවිය
නොවෙනු ඇත අමතකම .........
ගලායන වදන් වැල්
එකිනෙකම කියවමින් ..............
කළයුතුම වෙනස්කම්
හැඩය හා හැඟුම්වැල්
තවත් දුර ගෙන යන්න ..............
නුඹ දුන්නු සහයෝගෙ
නොවෙනු ඇත අමතකම ..........
මුදාහල කවි වදන්
සිතට දැනෙනා පරිදි
ලිය ලියා ගුණදොස්ම................
ඉදිරියම පෙන්වදුන්
මා ළබැඳි හිතවතුන්
නොවෙනු ඇත අමතකම .........
දෝරෙ ගැලු මගෙ හැඟුම්
දැන් ඇතැයි සිතමින් ම .............
සිතට මඳ විරාමෙට
නිහඬබව ඇවසි යැයි
සිතමි මා මොහොතකට .............
නිහඬබව දරන්නට
තවත් බෑ කිය කියා
මා තතුම විමසමින් ..................
අකුරකින් අකුරකට
ඇවිදිමින් මා සිතට
නිරතුරුව දිරිය දුන් ...................
මෑත දුර සිත හැඳිනු
දයාබර සොයුරියක
නොවෙනු ඇත අමතකම .........
21.04.25. ........ රේණු..........
මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 8 කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!
ReplyDelete