Wednesday, February 24, 2021

මට සිතෙයි......



හිතේ රැඳි හැඟුම් පොදි
විසිරුවන්නට සිතෙයි .........
හදේ දොරඟුලු සෙමින්
ඇර දමන්නට සිතෙයි ...........

දැවටිලා සිහිනයක
පාවි එන්නට සිතෙයි ..........
නුඹේ හිත ළඟින් හිඳ
සිනාසෙන්නට සිතෙයි .........

සිනා අහුරක් මුවඟ
රඳවන්න මට සිතෙයි ..........
නුඹෙ වතේ එළියෙන්ම
සැනසෙන්න මට සිතෙයි ........

........රේණු..........


 

1 comment:

  1. හිතේ රැඳි හැඟුම් පොදි
    විසිරුවන්නට සිතෙයි .........
    හදේ දොරඟුලු සෙමින්
    ඇර දමන්නට සිතෙයි .....

    ReplyDelete