Wednesday, February 24, 2021

කැමැත්ත හා ආදරය.....

 





නිවී යන තරු කැකුලු 
කඳුළු කැට වගුරුවයි ........
පෙරී එන හිරුකිරණ 
සිනහාමල් විසුරුවයි..........

පිණි සේල දැවටි ගත
සිහිලකින් කිතිකැවෙයි .....
මා වටා පිරි සුවඳ
හදම සුවපත් කෙරෙයි ......

ඕනිනම් නම් දුර ඉඳන්
මල් සුවඳ විඳගන්න............
එවන්නම් ඒ සුවඳ  
සෙනෙහසින් රැකගන්න.....

කැමති නම් මල් වලට 
මලම දෝතට ගන්න .........
ආදරේ නම් මලට
සෙනෙහසින් සුරකින්න.....


........ රේණු ........

No comments:

Post a Comment