Wednesday, February 24, 2021

සිනහ මල් පොකුරක්


සිතුවිලි සිහිනයක් දිගේ 
පාවෙන්නෙමි අහස් ගඟේ ..... 
එපිටින් මේකුළු තීරේ 
නුඹේ සිනා හඬ විසිරේ ..... 

දිදුලන තරු මල් අතරේ
සඳ කුමරුයි කෝළ වුණේ ..... 
නොගැටෙන්නට නෙත ආයෙත් 
ඇයි තරුකැට වහං වුණේ ..... 

පොකුරක්  තරු කඩා වැටේ 
දෝතට ගන්නටම සිතේ .....
දැනුනෝතින් සඳ කුමරුට
කුමක් කියා දැයි නොසිතේ ..... 

සඳ තරුමල් සිනාසුනත් 
අඳුරක්මයි සිත දැනුනේ ..... 
නුඹේ සිනහ මල් පොකුරෙනි 
මගෙ සිතුවිලි එළිය වුණේ .....


........රේණු..........

No comments:

Post a Comment