Wednesday, February 24, 2021

අමාවක.....

කවියකට මුලකුරක්
සොයා එන්නම් කියා ........
ඇසිල්ලෙන් මගේ සිත
මාව තනිකර ගියා ...........

හිනැහෙන්න රෑ අහසෙ
කිසිවක්ම නැහැ කියා .........
සිත දුවන් එනවානෙ
අමාවක ළඟ කියා ................

දරු තිදෙනා ඔහු සමඟ
මගේ ළඟ නැවතුණා ............
තරු කැටයි පුන්සඳයි
මෙතැන බව සිහිවුණා ........


........රේණු..........

No comments:

Post a Comment